- August 23, 2019
- Dr Koggala
- 0 Comments
- Social Media
හරෝ-හරා: පානම ඔකද සිට කතරගම දේවාලය දක්වා ගමන් ගන්නා පාද යාත්‍රාව
මෙවර 2023 වර්ශයේ ආරම්භ කල කිලෝමීටර සියයකට නොඅඩු දුරක් පා ගමනින් ගමන් කල යුතු පාද යාත්‍රාව සදහා සහභාගි වීමට මටද හැකි විය. ඒ සඳහා මඟ කියා දුන් මා කැටුව ගිය මාගේ ආදරණීය මිතුරා සිහිපත් කිරීමටද මා මේ මොහොතේ දී නොපසුබට වෙමි. බෞද්ධයන්ගේ සිරීපාදේ වන්දනාව වගේ හින්දූන්ගේ වන්දනා ගමන වෙන්නෙ කතරගම පාද යාත්‍රාවයි. පසුගිය 2022 වසරේද යාපනයේ සිට කිලෝමීටර් 800කට අධික දුර ප්‍රමාණයක් ගෙවමින් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලැබීය. මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන් කෙරෙන අතර මෙසේ ආරම්භ කෙරුණු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය, මඩකළපුව, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කිරීම සිදුවෙයි.සිරිපා වන්දනාව හා සසදනකොට කතරගම පාද යාත්‍රාව කියන්නෙ ඉතා අසීරු ඉලක්කයක්. ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට වැටෙන කුමණ හා යාල හරහා දූවිලි සහිත, කටු පදුරු සහිත දුෂ්කර පරිසරයක් ඔස්සේ වැටී ඇති මේ ගමනේදී වතුර ඇති තැන් පවා ඇත්තේ කිහිපයක් පමණයි. දෙමළ මිනිස්සු ගමනේ ආරම්භයේ ඉදන්ම අපිට හමු උනා. සිරීපාදේ යද්දි කවි කියනවා වගේ සමහර දෙමළ මිනිස්සු බජන් වගේ ගායනා කරමින් ගියා. පොදුවේ පසුකරමින් යන සැම දෙනාටම “හරෝහරා” කියලා කියන එකත් ඔවුන්ගේ සිරිතක් උනා.
2023 මැයි 06 වැනි දින බැතිමතුන් දහස් ගණනකට වැඩි පිරිසක් පේදුරුතුඩුවේ සිට කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කළහ.
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පොදියක් හැර අන් සියල්ල අත්හැර දමා, යාචකයකුගේ හෝ ආගමික හුදෙකලා ජීවිතයක් ඔවුන් අත්විඳිති. ජීවිතයේ පරස්පරතා පිළිබඳ ගැඹුරු පාඩම් ඔවුන් තුළට තල්ලු කරනු ලබන්නේ තිරසාර ස්වයං-ප්‍රතික්ෂේප කිරීමේ ක්රියාවකිනි. එළිමහනේ, ගස් යට, සිද්ධස්ථානවල සහ පන්සල්වල නිදාගැනීම සහ වාසය කිරීම; ඔවුන්ගේ මීළඟ ආහාර වේල පැමිණෙන්නේ කොතැනින්දැයි දැන ගැනීම කලාතුරකිනි, සත්ව ප්‍රහාරවලින් මරණය මෑත කාලයේ වඩාත් නරකය. අප රාත්‍රී නවාතැන් ගත් ස්ථානයට මීටර් 500ක දුරින් අලියෙකු පහරදි අම්මා කෙනෙකු මියගිය අතර ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. බොහෝ දෙනෙක් නිහඬව තමන් වෙනුවෙන් එය ගවේෂණය කරති.
මහා වනාන්තරය මැදින් කුමන, ලිප් ගල් තුන, බාගුරාව, කුමන ගම, කුඩා කැබිලිත්ත හරහා ගොස් කුඹුක්කන් ඔය තරණය කොට යාල ජාතික වනෝද්‍යානයට පිවිස, යාල දෙක කොටස හරහා අලි කොටි වලසුන් නිතර ගැවසෙන ලිං තුන, කටුපිල ආර. ගිනිමැලයකට වට වී රැය පහන් කල අතර, නැවතත් පා ගමනින්ම මැණික් ගඟේ පරණ තොටුපොළ වරහන හරහා කටගමුව වනෝද්‍යාන, කොච්චිපතාන පැමිණ කතරගම පුද බිම දක්වා ගමන් ගැනීම, මේ සොදුරු පාද යාත්‍රාවේ දී පමණක් “කුමන ජාතික වනෝද්‍යානය” හරහාත් “යාල ජාතික වනෝද්‍යානය” හරහාත් පා ගමනින් ගමන් කිරීමට වන්දනා කරුවන්ට ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර, සමහරක් වන්දනා කරුවන් පා ගමනින් පැමිණෙන්නේ යාපනයේ සිටයි. තවත් සමහරෙක් මඩකලපුවේ සිටයි. කෙසේ නමුත් පානම ඔකද දේවාලයේ සිට ජන වර්ග ගණනාවකගෙන් එකතුව කතරගම පුදබිම දක්වා පා ගමනින්, වන සතුන්ගේ රාජධානියක් මැදින් මිනිසුන් ගමන් ගන්නා විටක පවා කිසිදු අනතුරකින් තොරව පා ගමන අවසන් කිරීමට සෑම වන්දනාකරුවෙකුටම පාහේ ඉඩ කැලසෙන්නේ දේව හාස්කමක ඉගියක් මෙනි. මෙම ගමනේදී මාගේ දෙපා වල දියපට්ට පැමිණීමෙන් ඉතාමත්ම අපහසු තත්වයට පත් වූවද අවසානයේ කෙසේ හෝ ගමනාන්තය නිමා කිරීමට මාගේ මිතුරන්ගේ සහාය මට ලැබුණේය.
Leave a Comment