අපේ බෙහෙත් වලට වටිනාකමක් දෙමු.

වාත රෝග

ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට වාත රෝග 80 කි. මිනිසා දවසින් දවස වයසට යත්ම වාත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ද වැඩිය. එකී වාත රෝග අතුරින් වර්තමාන සමාජයේ කාගේත් කතා බහට ලක්‌වන මෙන්ම ඉතා සුලබව දැකිය හැකි රෝගයකි, රසවාතය (රුමටොයිඩ් ආතරයිටීස්‌).

පිත් රෝග

ශරීරයේ උෂ්ණාධික බව වැඩි වීම රතගාය, සමේ රෝග (කුෂ්ඨ), හිසරදය, ගැස්ට්‍රයිටිස් , අක්ෂි රෝග, මළබද්ධය, අර්ශස්, භගන්දර, පරිකර්තිතා (ගුද මාර්ගයේ පැළීම්), පුරුෂ මදසරුභාවය, පිළිකා, මානසික ආතතිය, ගර්භාෂගත රෝග, ආර්තව ගැටලු හා දරු ඵල ප්‍රමාද වීම් වැනි රෝග ගණනාවකට හේතු වෙයි.

කඵ රෝග

ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවක් හේතුවෙන් පීනසය රෝගය ඇති වේ. එමෙන්ම ඇදුම රෝගය ඇති වන්නේ ස්වසන පද්ධතියේ ස්වාසනාල හීනි වීමෙනි. තවද නාසයෙන් සෙම , බිංදු වශයෙන් උගුරට පැමිණීම නිසා උගුර කැසීමේ තත්ත්වය වී ඉන් අනතුරුව කැස්ස ඇති වේ.
කොඳු ඇට පෙළේ ආබාධ හා සන්ධි රෝග

කොඳු ඇට පෙළේ ආබාධ

කොඳු ඇට පෙළේ ආබාධ අද බහුලව දැකිය රෝගයකි.හිස් කබල පතුලේ සිට පිට මැද පහළට විහිදී ඇත්තේ කොඳු ඇට පෙළ ය. රෝගයේ මූලික අවස්ථා හඳුනා ගැනීමෙන් ඉතාම සාර්ථක ලෙස ආයුර්වේද ප්‍රතිකාර කළ හැකි රෝගයකි. නොඑසේ නම් ශල්‍යකර්මයකට යා යුතු ය. නවීන වෛද්‍යවරු මෑත කාලයේ සොයාගත් සාර්ථක ප්‍රතිකාර යෙදීමේ ක්‍රමයකි. එහෙත් ආයුර්වේදයේ වසර තුන්දහසකට පෙර සිට උපයෝගී කර ගත් සාර්ථක ක්‍රමය ඇත.

සන්ධි ගත රෝග

සන්ධි රෝග සම්බන්ධව ජනතාව අතර විවිධ මත පවතී. එම රෝග ඇතිවීමට බලපාන හේතු සුව කරන ආකාරය ආදී ලෙසින් විවිධ වෛද්‍ය ක්‍රමයන්ට අනුව ලබා ඇති අත්දැකීම් සහ ප්‍රතිකාර අනුව එම මත සමාජය තුළ පැතිර ගොස් තිබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද වසර දහස් ගණනක සිට සන්ධි රෝග සම්බන්ධව පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇත.

සන්ධි රෝග වර්ග විශාල ප්‍රමාණයක් ඇත. වයසට යන විට ඇතිවන සන්ධි රෝග අපට බහුලව දකින්නට ලැබේ. එය වාත රෝග ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. දණහිස, දෑත් දෙපාහි ඇඟිලි ආශ්‍රිත සන්ධිවල, බෙල්ලේ ආදී විවිධ ස්ථානවල මෙම සන්ධි රෝග හටගනී.ඊට අමතරව විවිධ හේතු නිසා ඇතිවන සන්ධි රෝග ඇත. උදාහරණයක් ලෙස ආමවාත තත්ත්වය නිසා ඇතිවන සන්ධි රෝගය දැක්විය හැකිය. මෙය කුඩා, තරුණ, මහලු යන ඕනෑම වයසකදී මතුවේ. ඒ සඳහා බලපාන්නේ ශරීරය මගින් සන්ධි ආශ්‍රිත පටක කාටිලේජවලට එරෙහිව දක්වන ප්‍රතික්‍රියාවක් නිසා ය. ඉන් එම පටක සහ කාටිලේජ හානියට ලක්වීම නිසා සන්ධි රෝග ඇති වේ. එහිදී තැවීම, තෙල් වර්ග ආලේපය, ඖෂධ වර්ග ගැල්වීම ආදිය සිදු කරන්නේ රෝගය අනුවය.

sandi4
ශරීරය සහ මනස පවිත්‍ර කිරීම සඳහා

පංචකර්ම ප්‍රතිකාර

පංචකර්මපංචකර්ම චිකිත්සා ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනවා. ඒ, පූර්ව කර්ම, ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම වශයෙන්.
“ පංචකර්ම” අයත්වන්නේ ප්‍රධාන කර්ම කොටසට . ඉහත කී චිකිත්සා ක්‍රමයේදී පංචකර්ම වලට ලක්කිරීමෙන් පසුව රෝගියා මුලින් සිටි තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්ම ලෙස හැඳින්වෙනවා.
‘සුශ්‍රැත’ ආචාර්ය මතය අනුව පංච කර්ම ප්‍රතිකාර කොටස් 5 කට බෙදා ඇති බැවින් ඒවා පංච කර්ම ප්‍රතිකාර ලෙස හැඳින්වේ. ඒවා වමන, විරේචන, වස්ති, නස්‍ය, රක්ත මොක්ෂණ’ ලෙස බෙදා දක්වා ඇත. ඒ අනුව සිරුරේ වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන්ගෙන් අපවිත්‍ර කොටස් බැහැර කිරීම සිදු වේ. එය ශෝධනයයි.

01

නස්‍ය කර්ම

නස්‍ය කර්මය යනු මුඛය,නාසය,අක්ෂි හෝ හිස ආශ්‍රිතව එනම් බෙල්ලෙන් ඉහළ අවයව වල එක් රැස් වී ඇති අපද්‍රව්‍ය, සෙම් කොටස් ඉවත් කිරීම සඳහා නාසය තුළට යම් යම් ඖෂධ වර්ග තෙල් සමඟ සංයුක්ත කොට ඇතුල් කරමින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයටය.
02

වමන කර්ම

ළය විරේක ලෙසද හැඳින්වෙන වමන කර්මය යනු මුඛ මාර්ගය හරහා වමනය ඇති කරන ඖෂධ ලබා දීම මගින් ශරීරයේ උරස් කුහරය ආශ්‍රිතව දූෂිත සෙම හා වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමයි.
03

විරේචන කර්ම

විරේචන කර්මයේදී සිදුවන්නේ විරේක ගුණ සහිත ඖෂධ මුඛ මාර්ගයෙන් ලබා දී අධෝ මාර්ගයෙන් බැහැර කරවීමයි.
04

වස්ති කර්ම

වස්ති කර්ම යනු ගුද මාර්ගයෙන්,යෝනි මාර්ගයෙන් හෝ මුත්‍ර මාර්ගයෙන් යම් යම් ඖෂධ ශරීරයට ඇතුල් කරමින් ඒ ආශ්‍රිතව ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමයි.
05

රක්ත මෝක්‍ෂණ කර්ම

මිනිස් ශරීරයේ ඇති අපවිත්‍ර වූ, දූෂිත වූ රුධිරය ශරීරයෙන් බැහැර කිරීම රක්තමෝක්ෂණයේදී සිදුවන අතර ඒ ස‍ඳහා සත්ත්ව අං,ලබුකැට ආදී ක්‍රමවලට වඩා වර්තමානයේ බහුලව භාවිතා වන්නේ කූඩැල්ලන් යොදා සිදුකරන රක්තමෝක්ෂණ ප්‍රතිකාරයයි.

අපව අමතන්න

අපි පැය 24-48ක් ඇතුළත ඔබ වෙත ආපසු තොරතුරු ලබා දෙන්නෙමු. අප වෙත පැමිණෙන ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.
වෛද්‍යාදි චතුෂ්පාදයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදුවන

චිකිත්සාව

වෙද ඇදුරා සහ අවුස        ද
ආතුර මේකරු සමග         ද
සිතරඟ ලද මේ සතර             ද
වෙද සිදු එක් අඟෙක් වේ        ද

වෛද්‍යවරයා

චිකිත්සා කාර්යයේදි ඖෂධ, උපස්ථායක හා රෝගියා යන තුන කාරණා වන මුත් කාර්ය කරන්නා වන්නේ වෛද්‍යවරයාය.

ඖෂධ ද්‍රව්‍ය

අද්‍රව්‍ය චිකිත්සාව ඖෂධ වලින් තොරව කරණ චිකිත්සාවයි. මෙහිදි ද්‍රව්‍ය පාදය උපයෝගි නොවේ. එහෙත් ද්‍රව්‍ය චිකිත්සාවේදි ද්‍රව්‍ය පාදය ඉතාම වැදගත් අංගයයි.

උපස්ථායක රාජකාරිය

වෛද්‍යවරයා නියමකල අන්දමින් ඖෂධ යෙදීම, ආහාර පිළියෙල කර දිම, මලමුත්‍ර පහ කිරිමට අවශ්‍ය පහසුකම් නියමිත වේලාවට ලබා දීම, රෝගියා පිරිසිදු කිරිම, පිරිසිදුව තැබීම

රෝගියා

වෛද්‍යවරයා විශ්වාස කරන්නෙකු වීම, රෝගය පිළිබද දැණුම හා එය හටගත් ආකාරය වත්මන් තත්වය නොවලහා ප්‍රකාශ කල හැකි ශක්තිය, ඇති අයෙකු වීම
ශ්‍රී ලංකාවේ පැවති අදටත් පවතින

හෙළ නිල වෙදකම

වසර දහස් ගනනකට සිට පැවැත එන, ලංකාද්විපයේ හෙළයින් හට උරුම පාරම්පරික වෛද්යවරුන් සතු අද්විතීය වෙද දැනුම තවත් වසර සියගනනක් මේ ධරණීතලයේ විරාජමාන කිරීම පිණිස තබන තිර අදිටන පෙරදැරි කරගත්‍ අවස්ථාවකි.
මනසේ උස් පහත් වීම් පාලනය කරන

යෝගා

වර්තමානයේ යෝග යනු තවත් ව්‍යායාම් ක්‍රමයක් බවට සමාජයේ මතයක් පවතියි. නමුත් යෝග සහ ව්‍යායාම් එකිනෙකට සමානකම් නොදක්වයි. ව්‍යායාම් සඳහා ශරීර ශක්තිය වැය වෙයි. යෝග ආසන මගින් ශරීර ශක්තිය හානි නොවන අතර විශ්ව ශක්තිය ශරීරගත වන ක්‍රියාවලියකි. තවද යෝගාසන අනුගමනය කිරීමේ දී මහන්සියක් ඇති නොවීම ද යෝගාසන, ව්‍යායාම්වලට සමාන නොවන දැක්වීමට කදිම උදාහරණයකි. යෝගාසන කිරීමේ දී සිතට ගෙන සිතින් ඉරියව් වෙනස් කිරීමක් සිදුකරන බැවින් කුමන ආකාරයේ ආසනයක දී වුවද ශරීරය වෙහෙසට පත් නොවේ. යෝගාසන පුරුදුවීමේදී ව්‍යායාම්වලදී මෙන් බලෙන් ශරීරයේ ඉරියවු පවත්වාගෙන යාමට උත්සාහ නොකරන අතර හුස්ම ගැනීම ගැන අවධානය යොමුකරයි.

යෝග දර්ශනයේ පදනම බවට පත් වූ යෝග සූත්‍ර 195 ක් සම්පාදනය කළ ‘යෝගයේ පියා’ මහරිෂි පතංජලී ය. මෙම සූත්‍ර විවරණය භාශ්‍ය (සමාලෝචන හා විවරණ) නම් වේ. පතංජලි හි මූලික හරය වන්නේ යෝගා මාර්ගයෙන් නිරෝගී ජීවිතයක් කෙරෙහි අවධානය යොමු කරන යෝග (අෂ්ටාංග යෝගය) අටවැනි මාර්ගයයි.